Thursday, June 5, 2014

ඔබේ දැනුවත් භාවය නිසා

තැලසීමියා යනු ආවේණිගත රෝගයකි.තැලසීමියා වාහක දෙමව්පියන් දෙපලකට තැලසීමියා රෝගී දරුවෙකු බිහිවිය හැකිය.
දැනට ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගී දරුවන් 2700-3000 ප්‍රමාණයක් සිටින බව අස්තිමේන්තු කර ඇත.
මෙම තැලසීමියා රෝගී දරුවන්ට මාස 5 න් පසුව බොහෝවිට මාස් පතා රුධිරය මුළු ජීවිත කාලය පුරාවටම ලබාදිය යුතු අතර මෙම රුධිර පාරවිලයනය නිසා සිරුරේ තැන්පත් වන යකඩ ඉවත් කිරීමේ ඖෂධ ද මුළු ජීවිත කාලය පුරාවටම භාවිතා කල යුතුය.


පළමු වසර තුලදී මෙම යකඩ ඉවත් කිරීම සදහා desferioxiamine එන්නත් කුප්පි 10-15 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එන එකක අද වටිනාකම රු 800 ක් පමණ වේ.




මෙම එන්නත ශරීර ගත කිරීමට භාවිත වන නික්ෂේපණ පොම්පය රු 50000ක් පමණ වේ.(මෙය දැනට නාවික හමුදාව මගින් සුභසාධන වැඩසටහනක් ලෙස නොමිලයේ ලබා දීම සිදු කෙරයි.)



යකඩ ඉවත් කිරීමට භාවිතා කරන desferasirox නම් පෙත්ත දිනකට දෙවරක් පමණ භාවිත කලයුතු අතර එම පෙත්තක මිල රු 400ක් පමණ වේ.



මේ අනුව රජය තැලසීමියා රෝගී දරුවෙකු වෙනුවෙන් අවුරුද්දකට රු 400000 සිට මිලියනයක මුදලක් වැය කරන අතර අවුරුද්දකට රු මිලියන 1700ක මුදලක් වෙන් කෙරෙන අතර එය රජයේ මුළු ජාතික ඖෂධ වියදමෙන් 7% ක ප්‍රමාණයකි.
තත්වය මෙසේ තිබියදී ලංකාවේ ජනගහනයෙන් 500000 ක පමණ ප්‍රමාණයක් තැලසීමියා වාහකයන් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් ඒ බැව් නොදනී.


No comments:

Post a Comment